Monday, March 18, 2024

අඩානිගේ මංකොල්ලයට අපි නිහඩ ඇයි ?

කවුද මේ අඩානි ? අඩානි ලංකාවට ආවාම මොකද ? සල්ලි නැති වෙලාවෙ අඩානි ආවාම මොකද? ලංකාවේ සමාගම් වලට ආයෝජන නැති නිසා අඩානි ආවාම මොකද ? අඩානි ගන්නේ ගස් කොලන් නැති ඉඩම් නේ. අඩානි ආසියාවේ ලොකුම සල්ලිකාරයෙක් නේ. මේ වගේ ප්‍රශ්ණ ගොඩක් අතරේ අමතක වන සම්බන්ධතාවයන් කිහිපයක් ගැනත් අපි මත ක් කර ගනිමු.

13 අනුව පලාත් සභා බලය යටතේ අඩානි පලාත් සභා වලටත් සල්ලි දිදී ඉඩම් අල්ලයිද? සේතු සමුදම් ඇල මාර්ගය හැදුවොත් එගොඩත් මෙගොඩත් ඉන්දියාවේ වගේ නේද? දකුණු ඉන්දීය දේශාපලන හැසිරීම අනුව තවත් බලපෑම් ඇති වේද?  ලංකාවේ සමාගම් වලට නොදුන් විශාල ව්‍යාපෘතියක් ඉන්දියාවට දෙන විට ලොකු ලොකු කථා කියන, ජනතාවාදී බව පෙන්වන වෘත්තීය සමිති කටවහගෙනම ඉන්නේ ඇයි ? කවුද මේ අඩානි ? අඩානි ලංකාවට ආවාම මොකද? සල්ලි නැති වෙලාවෙ අඩානි ආවාම මොකද? ලංකාවේ සමාගම් වලට ආයෝජන නැති නිසා අඩානි ආවාම මොකද? අඩානි ගන්නේ ගස් කොලන් නැති ඉඩම් නේ. අඩානි ආසියාවේ ලොකුම සල්ලිකාරයෙක් නේ. මේ වගේ ප්‍රශ්ණ ගොඩක් අතරේ අමතක වන සම්බන්ධතාවයන් කිහිපයක් ගැනත් අපි මත ක් කර ගනිමු.

අඩානි ගැන කථා කිරීම මෙසේ ආරම්භ කරමු. අඩානි සත්‍ය වශයෙන්ම නීතිගරුක ව්‍යාපාරිකයෙකු නම් අප බිය විය යුතු නැත. නමුත් ඔහු ඉන්දියාවේ දී හෝ ඕස්ටේ්‍රලියාවේදී නීති ගරුක හෝ මානුෂික වී නැත. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉඩම් මංකොල්ලය ඉතා දරුණු ලෙස සිදු කිරීමටත් ඊට ප්‍රතිචාර වශයෙන් ලැබෙන නීතිමය තීන්දු ඉතා සාර්ථක ලෙස මගහැරීමත් ඔහු දක්ෂයෙකි. මේ නිසා ඉන්දියාවේදී සහ ඕස්ටේ්‍රලියාවේදී වනාන්තර වැනසීම, ස්වදේශික ජනතාවගේ ඉඩම් මංකොල්ලය නීතියේ පවතින අඩුපාඩු යොදා ගනිමින් සාර්ථකව සිදු කරයි.

එසේම ඔහු ඔහුගේ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ලැබෙන වාසිය පදනම්ව තමාගේ රටේ ජාත්‍යන්තර මතය අභිබවා හෝ නොසලකා කටයුතු කරන්නෙකි. උදාහරණයක් වශයෙන් ඔහු උතුරු කොරියාව සමග සම්බන්ධතා පැවැත්වීම ඉන්දීයාවේ රාජ්‍ය මතයට පටහැනි වුවද ඒ පිළිබදව ඔහු කිසිදු සැලකීමක් නොකරමින් තම ව්‍යාපාරය සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය සම්පත් භාවිතයෙන් විදුලි ව්‍යාපෘති සිදු කළ හැකි ව්‍යාපාරිකයන් මේ වන විටත් විවිධ රටවල ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇත. ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා ගැනීම අතිශ්‍ය දුෂ්කර කාර්යයක් බව මා පුද්ගලිකවම දන්නා කරුණකි. විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් මගින් නිකුත් කරන ව්‍යාපෘථි වුවද ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට වසර ගණනක් යන අවස්ථා ඇත. අඩානිට දැන් මේ හදිසියේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වන නිළධාරීන් එවැනි සහයෝගයක් දේශීය ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේද? ලබා දුන්නද එසේ ලබා දෙන්නේ සත්භාවයෙන්ද ? කොතරම් ලාභ සත්කාර බලාපොරොත්තුවෙන්ද ?

එමෙන්ම ලෝකයේ වර්ධනය වෙමින් එන හරිත හයිඩ්‍රජන් නිෂ්පාදන අවස්ථාව හමුවේ අපගේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්හි අයිතිය අප සතුවම පැවතීම ඉතා වැදගත් වේ. හරිත හයිඩ්‍රජන් යනු අපටම අපගේ සියලු බලශක්ති අවශ්‍යතාවයන්ට ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් අපටම සිදු කර ගැනීමට ලැබෙන අවස්ථාවකි. ඒ සදහා තාක්ෂණය සහ ආයෝජනය අවශ්‍ය වෙනත් රට වලින් අපට අවශ්‍ය වේ. තාක්ෂණය සහ ආයෝජනය අප රටේ බලශක්ති අවශ්‍යතාවයට තර්ජනයක් නොවන ලෙස සොයා ගැනීමට ඕනෑ තරම් අවස්ථා ලෝකය පුරා ඇත. මෙම අවස්ථාව පවතින්නේ ලෝකය පුරා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන අවස්ථාව ඇති රටවලට පමණි. ඒ අනුව ඉන්දියාව ලෝකයේ සමස්ථ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයෙන් සියයට 10ක් තම රටේ නිෂ්පාදනය කිරීමට සූදානම් වෙමින් සිටී.

මේ අතර ඉන්දියාවේ බලශක්ති නිෂ්පාදනයේ දැවැන්තයෙකු වශයෙන් අඩානිට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට පැමිනීමට ඉඩ හැරීම නුවනට සුදුසු නොවේ. අඩානි නතර වන්නේ හරිත හයිඩ්‍රන් නිෂ්පාදනයේද අයිතිකරුවෙක් නොවී යැයි අපට සිතිය හැකිද? එම සැකය තව තවත් වර්ධනය කරන කරුණක් දැනටමත් හෙලිදරවු වී ඇත. එනම් අඩානි වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් අවසර ලබා දෙන මාස කීපයේදීම එවකට බලශක්ති අමාත්‍යවරයා ඉන්දියානු හා නෝර්වේ මිශ්‍ර සමාගමක් සමග හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය පිළිබද ශක්‍යතා අධ්‍යනයක් සදහා යැයි පවසමින් ගිවිසුම් අත්සන් කිරීමක් සිදු කරයි. නමුත් මේ ගිවිසුම පිළිබද තොරතුරු හෙලිදරව් කර ගැනීමට අපට අවස්ථාව නැත. ඒ පිළිබද තොරතුරු තොරතුරු දැන ගැනීමේ අයිතිය තුළ හෝ ලබා දීමට කිසිදු ආයතනයකට නොහැකි වී ඇත. එම සමාගම නමින් Greenstat Hydrogen India වේ. එම සමාගම දැනටමත් ශ්‍රී ලංකාවේ වැඩ ආරම්භ කර ඇත. එම සමාගම ශ්‍රී ලංකාවේ හයිඩ්‍රජන් නිෂ්පාදන අවස්ථාව පිළිබද ශක්‍යතාවයක් සිදු කරන්නේ හේතුවක් නොමැතිවද?

දැන් අඩානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් ආයතනයට හෙක්ටයාර් 1000ක ඉඩම් ලබා දෙමින් මෙගාවොට් 500ක් නිෂ්පාදනය කිරීමට රජය සූදානම් වෙමින් සිටී. මෙහි තීරණාත්මක ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගේ පුනර්ජනනීය බලශක්ති අයිතිය අහිමි කිරීමට දායක වී ඇත.

මේ අතර අද මන්නාරම දිස්ත්‍රික්කයේ පුනර්ජනනීය ව්‍යාපෘතියකට අපේ සමාගමකට ඉඩම් සෙවීම ඉතා අපහසු කාර්යයක් වී ඇත. සියල්ලෝ අඩානිගේ ගෝලයන්ගේ බහට රැවටී ඉඩම් විකිණීමට බලා සිටී. මේ අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බොහෝ ආයතන වලට රටේ පවතින මුල්‍ය අර්බුදය තුළ විදුලිබල මණ්ඩලය විසින් සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීම නිසා එම ආයතන කඩා වැටීම අඩානිට සම්පූර්ණ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපාරයම මිලදී ගැනීමට හොද අවස්ථාවකි. 

මේ ගැන සියල්ල ගැන සිතන්න. මා ඉහත ගොනු කළ කරුණු හා ඔබට ලැබෙන තොරතුරු පදනම්ව මේ විනාශය වැලැක්වීමට ඔබට කළ හැකි යමක් වේ නම් එය අදම කරන්න. අඩානි ආසියාවේ විශාලතම පරිසර දූෂකයා බව අප මතකයේ තබා ගමූ. අඩානි ලංකාවෙන් එලවා දමමු.

ඔබ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට, අමාත්‍යාංශ ලේකම්ලාට මීට එරෙහිව එකම එක ඊමේලයක් හෝ ලියන්න. බොහෝ දෙනෙක් නිහඩව බලා සිටින මොහොතේ ඔබගේ නැගිටීම ඉතා විශිෂ්ඨයි. 

Bandu Ranga Kariyawasam

Director • Human and Environmental Resources Development Foundation

Latest news

Related news