බහුවිධ කුසලතා සහ විවිධ තනතුරු රාශියක් දරන්නේ යැයි කියන වෘත්තියෙන් නීතීඥයෙකු වන හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ගැන දෙස් විදෙස් සංවිධාන කිහිපයක ඔවුහුගේ මත ඉදිරිපත් කොට ඇත. විශේෂයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී මෙන්ම විවිධ මට්ටමේ මානව හිමිකම් සහ සිවිල් සංවිධාන මෙම සිදුවීම පිළිබඳව විවිධ අදහස් ප්‍රකාශකරමින් සිටී. නමුත් අවාසනාවන්ත ලෙස, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිය අදහස් දැක්වීමේදී වැදගත් කරුණු ගණනාවක් නොසලකා හැර ඇති බවක් දක්නට ලැබේ. එබැවින් මෙම සිදුවීමේදී බොහෝ දෙනෙකු විසින් නොදැනුවත්ව හෝ හිතා මතා මගහැර ඇති ප්‍රධාන කරණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වේ.
සත්‍යය දැනගැනීමට සෑම කෙනෙකුටම අයිතියක් ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන මෙන්ම ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන සිදුකරන ප්‍රතිචාර දැක්වීම් වලින් සත්‍යය යටපත් කිරීමට ඔවුහු ගන්නා දැවැන්ත උත්සාහය සනාථ වේ. එසේ හෙයින් අප මෙම ගැටලුව පිළිබඳව වැදගත් ප්‍රශ්න කිහිපයක් මතු කළ යුතුවේ. මන්ද, පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය සහ තුවාල ලැබූ අහිංසක ජනතාවට යුක්තිය ඉටු කිරීම අපි කාගේත් වගකීමයි. එසේම මෙම කාරණය සම්බන්ධයෙන් ඇතැම් සංවිධාන ඉදිරිපත් කර ඇති අදහස් වලින් ගම්‍ය වන්නේ ඔවුහු මෙම සිදුවීම් ගැන සත්‍යය තොරතුරු නොදැන නොමග ගොස් ඇති බවයි. එබැවින් පහත මූලික ගැටලු වලට පිළිතුරු ලබා ගැනීම නීතියේ අධිපත්‍යයේ මූලධර්ම වලට අනුව යුක්තිය ඉටුකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක වේ.
නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම
නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට පත්වූයේ කවදාද?
ඔහු සම්බන්ධ විමර්ශන අවසන් කර තිබේද ?
මොහු තවමත් ත්‍රස්තවාදය වැළක්වීමේ ආඥා පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවා සිටීද?
විමර්ශන වලින් පසු මොහු රිමාන්ඩ් භාරයට පත්කරතිබේද ?
හිජාස් හිස්බුල්ලා 2020 වර්ෂයේදී අත්අඩංගුවට පෙර CID කැඳවීම
මෙම රජය බලයට පත්වීමට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා යම් විමර්ශන ආයතනයක් වෙත කැඳවීමක් සිදුකරතිබේද? එසේ නම් ඒ කවදාද? එසේ කැදවීමට හේතු මොනවාද?
එලෙස කැඳවීම් සිදුකරතිබුනේ නම් ඒ පිළිබඳව විමර්ශනය කර එවක ඔහුව අත්අඩංගුවට ගෙන තිබේද?
හිජාස් හිස්බුල්ලාහා Save the Pearls අතර සබඳතාවය
Save the Pearls සංවිධානය බිහිවූයේකුමන වර්ෂයේද ?බිහිකළ අරමුණ කුමක්ද ? එම සංවිධානයේ නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ භූමිකාව කුමක්ද?Save the Pearls සංවිධානය මෙරට යම් ආයතනයක් යටතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කර තිබුනේද ? එසේ නොවේ නම් ලියාපදිංචි නොකිරීමට හේතු කවරේද ? නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය නීතිය පිළිබඳව මනා දැනුමක් ඇති අයෙකුවුවත්, මෙවැනි සංවිධානයක් ලියාපදිංචියකින් තොරවපවත්වාගෙන ගියේ මන්ද ?අබුබකර් අල් බැග්ඩෑඩි විසින් 2014.06.29 දින ඉස්ලාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු 34ක පමණ ශ්‍රී ලාංකිකයන්පිරිසක් සිරියාවට ගොස් ඇත. 2015 වර්ෂයේදීජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්, Pearls of Wisdom වැනි සංවිධාන කිහිපයක් බිහිවී ඇති අතර නීතිඥ හිජාස් හිස්බුල්ලා ප්‍රධානත්වය දරන Save the Pearls සංවිධානයද ඊට සමගාමීව බිහිවූසංවිධානයක්ද?
2019.04.21 දින New Tropical Inn හෝටලයේ පුපුරුවා ගත් ජමීල් යන අයගේ සහෝදරයාගේ නිවසේ Save the Pearl සංවිධානයේ ආරම්භක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබුනේද? එසේනම්එහිදී සාකච්ඡා කළ කරුණු මොනවාද? ජමීල්, ජමීල්ගේ සහෝදරයා හා නීතිඥ හිජාස් හිස්බුල්ලා අතර එවක සිට සබඳතාවයක්තිබුනේද ? එසේ නම් එය කුමන ආකාරයේ සබඳතාවයක්ද ?
මරාගෙන මැරෙන ප්‍රහාරකයින්, අන්තවාදීන් හා Save the Pearls අතර සබඳතාවය
සහ්රාන් සමඟ Shagri la හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළ ඉල්හාම් යන අය Save the Pearls සංවිධානයේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරතිබේද? එසේ නම් ඒ කුමන වර්ෂයේ සිටද ?එ් අනුව නීතිඥ හිජාස් හිස්බුල්ලා හා ඉල්හාම් අතර පැවති සම්බන්ධතාවයකුමක්ද?
Cinnamon Grand හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළඉන්ෂාෆ් විසින් Save the Pearls සංවිධානය වෙත කොපමණ මුදල් ප්‍රමාණයක් ලබාදීතිබුනේද ? එම මුදල් නීතිඥ හිජාස් හිස්බුල්ලා විසින් කුමන කටයුත්තක් සඳහා භාවිත කර තිබුනේද ?
නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවේ පසුවනජමීල්ගේ සහෝදරයා/ඉල්හාම් සහ ඉන්ෂාෆ් යන අයවළුන්ගේ පියා යන අයවළුන්ට අමතරව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත්කීදෙනකෙු සමඟ සබඳතා පවත්වා තිබේද ? එසේ නම් ඒ කුමන කාලවකවානුවකද ? කුමන ආකාරයේ සබඳතාවයක්ද?
හිජාස් හිස්බුල්ලාගේ අන්තවාදී සබඳතා හා නීති වෘත්තිය
නීතිඥ හිජාස් හිස්බුල්ලා පවසන පරිදි 2019.04.21 දින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ජාලයේ පුද්ගලයින් සමඟ නීතී කටයුතු සඳහා පමණක් සබඳතා පැවැත්වූයේ නම්,ඉල්හාම් (Shagri la හෝටලයේදීමරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ) යන අය Save the Pearl සංවිධානයේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කලේ කෙසේද ?
ඉන්ෂාෆ් (Cinnamon Grand හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ) යන අය විසින් Save the Pearls සංවිධානය වෙත මුදල් ලබාදුන්නේනම් ඒ කෙසේද ? එම මුදල් කුමන කටයුත්තක් සඳහා යොදවා ගත්තේද?
නීතිඥ හිජාස් හිස්බුල්ලා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ඍජුව සම්බන්ධ නොවී සිය කණිෂ්ඨනීතීඥයින් හරහා සම්බන්ධ වෙමින් එම සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටීමටතෙවන පාර්ශවයක් වෙතින් මුදල් ලබාගැනීමක්සිදුකලේද?එසේ සිදුකලේ නම් එය සිදුකළ ආකාරය හා එසේ අනන්‍යතාවය සඟවමින් කටයුතු කිරීමේ පිටුපස යම් සැඟවුනුඅරමුණික්තිබුනේද ?
New Tropical Inn හෝටලයේ පුපුරුවා ගත් ජමීල් යන අය 2018 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම් සිදුකරතිබුනාද / එසේ නම් ඒ කුමන කරුණක් සඳහාද? එසේ ප්‍රශ්න කර මුදවාහැරීමසිදුකරන ලද්දේ කුමන පදනමකින්ද ? ජමීල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට පෙර නීතිඥ හිජාස් හිස්බුල්ලාහමුවී උපදෙස් ලබාගෙන තිබුනේද ?
සිරියාවේදීමරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධවූඅයෙකු සමඟ සම්බන්ධ විදේශිකයෙකු (ශ්‍රී ලාංකික සම්භවයක් ඇති) මෙරට සිටියදී එම විදේශිකයාගේ රටේ බලධාරීන් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව එරටට පිටුවහල් කළාද ?එසේ පිටුවහල් කළ පුද්ගලයා සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධතා පවත්වා තිබුනාද? එසේ නම් කුමන ආකාරයේ සම්බන්ධතාවයක්ද ?
අන්තවාදය පෝෂණය කිරීම සඳහා විදේශ අරමුදල්ලැබීම
ත්‍රස්ත සංවිධාන වෙත මුදල් සැපයූ බවට විදෙස් රටවල් කිහිපයක් විසින් තහනමට ලක්කර ඇති Qatar Charity නමැති සංවිධානයෙන් Islamic Relief Committee නමැති සංවිධානය හරහා Save the Pearls සංවිධානය වෙත මුදල් ලැබී තිබුනාද ? එසේ නම් ඒ කොපමණ මුදලක්ද ?එම මුදල් කුමන කටයුත්තක් සඳහා යොදවා තිබුනේද ?එම මුදල් ත්‍රස්ත සංවිධාන වෙත මුදල් සැපයීම හේතුවෙන් විදෙස් රටවල් කිහිපයක් විසින් තහනමට ලක්කර ඇති සංවිධානයක් වෙතින් ලද බවට නීතිඥ හිජාස් හිස්බුල්ලානොදැනසිටියාද?
Save the Pearls සංවිධානය ආරම්භයේදී2019.04.21 දින මරාගෙන මැරෙන ප්‍රහාර දියත්කළ පුද්ගලයින් තිදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වමින් රැස්කරගත් මුදල් අන්තවාදී කටයුතු මෙන්ම වෙනත් මූලධර්මවාදී කටයුතු සඳහා යොදවා තිබේද ? එසේ නම් ඒ මොනවාද ?
Shagri la හෝටලයේදීමරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ඉල්හාම් Save the Pearls සංවිධානය සුභ සාධන සංවිධානයක් ලෙස හදුන්වාදෙමින් එහි භාන්ඩාගාරික ලෙස විදේශීය අරමුදල් එක්රැස්කරතිබුනාද ?එසේ ලබාගෙන ඇත්නම් එම මුදල් කමක් අරභයා යොදවා තිබේද ?
අන්තවාදය පෝෂණ කිරීමට පල්ලි යොදා ගැනීම
Advocacy Reconciliation Council (ARC) නමැති සංවිධානය මඟින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2016 වර්ෂයේදී පවත්වන ලද හොඳම පල්ලිය තේරීමේ තරඟයේදීමිලියන ගණනක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබුනේද ?එසේ තිබුනේ නම් එම මුදල් ලබාදී තිබුනේ කවර සංවිධානයක්/ පුද්ගලයෙකු විසින්ද ? ඉහත උත්සවය සංවිධානය කලේ කුමන අරමුණක් සඳහාද? මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ජාලයේ සාමාජිකයින් සම්බන්ධවීසිටියාද? එසේ නම් ඒ කවුරුන්ද ?
පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු හිජාස් හිස්බුල්ලාගේ හැසිරීම
නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු දින ප්‍රහාරය සිදුවනකාලවකවානුවේ ශ්‍රී ලංකාවේ සිටියේද? විදෙස්ගතව සිටියේ නම් ඒ කුමන රටකද ? කවදා සිට කවදාවෙනතෙක් ද ? නීතිඥ හිජාස් හිස්බුල්ලා 2015 සිට 2019 වර්ෂය දක්වා ජංගම දුරකතන කොපමණ ප්‍රමාණයක් භාවිතා කර ඇද්ද ? එම දුරකතන සියල්ල විමර්ශන සඳහාලබාදීඇද්ද/ එසේ ලබානොදුන්දුරකතන සංඛ්‍යාව කොපමණද / එසේ ලබානොදීමට හේතු කවරේද ?
ඉහත කරුණු වල සත්‍යතාවය අනාවරණය කරගැනීම තුළින් අන්තවාදය ප්‍රචාරය කිරීමේ ක්රියාවලියේදීහිජාස් හිස්බුල්ලාගේ මැදිහත්වීම/කාර්යභාරය පිළිබඳව නිගමනයකට/තීරණයකට එළඹිය හැකිවනු ඇත.
IS මතවාදයෙන් අභිප්රේරණයවූ මෙරට අන්තවාදී කණ්ඩායමක් විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් 250 කට අධික පිරිසක් මියගිය අතර එම ජාලය හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා අදෘශ්‍යමාන ජාලයක් විසින් මූල්‍යමය හා මතවාදීමය වශයෙන් සහය දක්වා ඇත. එම අදෘශ්‍යමාන ජාලයේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වනබව පෙනේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය සහ අනෙකුත් ජාත්‍යන්තර සම්මුතීන්ට එරෙහිව යමින් මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත්කෙරෙන මුස්ලිම් විවාහ පනත පවා වෙනස් කිරීමේ අදහසක් එම ජාලයට නොමැත. ඔවුහු ඒ සඳහා විවිධ තර්ක මතු කරති. සංහිඳියාවේ නාමයෙන් ඔවුන් හොඳම මුස්ලිම් පල්ලිය තෝරා මිලියන ගණනක් ප්රදානය කිරීමට කටයුතු කළද ඔවුන්ට සැබෑ සංහිඳියාවක අවශ්යතාවයක්නොමැත. ඔවුන් බහු සංස්කෘතික සහභාගීත්වයක් පිළිබඳව කතා කළද, අන් අය ගැන තීරණය කිරීමට තමන්ට හැර වෙනත් කිසිවෙකුට අයිතියක් නොමැති ආකාරයෙන් කටයුතු කරනු ලබයි.
ඔවුන්ගෙන් ඇතමෙක් ඌන වරප්‍රසාද සහිත ප්රජාවන්ඉලක්ක කර පාසල් පිහිටුවමින් අහිංසක දරුවන්ට අන්තවාදී අදහස් ඇති ග්රන්ථ උගන්වනු ලැබුහ. සුභසාධනය මුවාවෙන් ඔවුන් අහිංසක දරුවන්ගේ “මොළ සේදීම” හරහා ආකල්ප වෙනස් කිරීම ආරම්භ කළහ. මෙම ජාලය මධ්‍ය හා දිගු කාලීන අරමුණු ඇතිව ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. මෙම පසුබිම තුළ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයවළුන්ට සාධාරණය ඉටුකිරීම ජාතික වගකීමකි. ඒ සඳහා බැටළුවන් ලෙස වෙස්වලාගත් වෘකයන් අන්තවාදය පතුරුවමින් සමාජයට කරන දිගු කාලීන හානිය පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. මන්ද, ත්‍රස්ත ප්‍රහාරයේ නායකත්වය ගත් සහරාන්ට වඩා මෙම අදෘශ්‍යමාන ජාලය සහ එය මෙහෙය වන්නන් දරුණු හා විනාශකාරීය.
Source: colombotribune.com