🔺 ඉහළ යන කොවිඩ් මරණ හේතුවෙන් රුසියාව ඔක්තෝබර් 30 දා සිට සතියක් වසා දැමීම ට ජනපති ව්ලැඩ්මියර් පුටින් තීරණය කර ඇත.
🔺 රුසියාව යනු කෝවිඩ් මර්ධන ” ස්පුට්නික්” එන්නත නිපදවන රටයි.
🔺රුසියාව යනු ලෝකයේ බලවත්ම ආර්ථිකයක් හා යුධ ශක්තියක් හිමි රටකි.
🔺මේ වන විට රුසියාවේ සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත්තේ 1/3 ක් පමණි.
🔺රුසියාව පුරා දෛනිකව හමුවන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 35,000 ඉක්මවයි.
🔺මේ වන විට රුසියාවේ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි.
🔺අද වන විට රුසියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 227,000 කි.
🔺මොස්කව් නගරයේ කොවිඩ් එන්නත නොගත් වැඩිහිටියන්ට 2022 පෙබරවාරි මාසය දක්වා නිවෙස්වලින් බැහැරව යෑම තහනම් කර ඇත.
🔺රුසියාවේ මිලියන 1.9කට ආසන්න හමුදාවක් ඇත.
▪️මේ වන විට ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනයෙන් 58.6 % ක් පූර්ණ එන්නත්කරණයටත්, එන්නත් මාත්‍රා මිලියන 27.6කුත් ලබා දී කොවිඩ් රෝගය සාර්ථකව මැඩ පවත්වා ඇත.
▪️සති දෙකකින් සියල්ල අමතක කර, ස’ ෆේල් යැයි කියමින් රට වටා විනෝද චාරිකාවේ යන අප ලොව අතිශය කෘතවේදී ජාතියක් බව (😏) නැවත නැවත ඔප්පු කරමින් ඇත.
සොනාල ගුණවර්ධන