ආගමික නායකයන්ට දේශපාලනේ කැපද අකැපද අපි නොදනී. බණ නොකියන, දේශපාලනේ කරන ස්වාමින්වහන්සේලා ඉන්න සිංහල බෞද්ධ රටේ කාදිනල් දේශපාලනේ කලාට කිසිම ගැටලුවකුත් නැත.
තෙල් නැව ගිනි ගැනීම, ගල් අගුරැ බලාගාරය, පෝට් සිටි එක ගැන කාදිනල් කරන ක්‍රියාකාරකම් ආගමික නායකයෙකුගේ සාධාරණ මැදිහත් වීමට එහා නැද්ද ? ඉදිරියේදී ගුරැ සහ පොහොර ගැටලුවටද කාදිනල් එක්වූවොත් පුදුමයක් නැත.
හැබැයි ඉතින් පාස්කු ප්‍රහාරයත් එක්ක කාදිනල් කරන දේශපාලනේ ගැන හොදට බැලුවොත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරැ කාදිනල්ම වෙන්නත් බැරිනැති බව පෙනේ.
කාදිනල්ට පාස්කු ඉරිදා ප්‍රහාර කොමිසම් වාර්තා අදාල නැත. කාදිනල්ට නීතිය අදාල නැත. කාදිනල්ට අන්තර්ජාතික ප්‍රජාව කියන due process අදාල නැත. කාදිනල්ට ඕනා පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් දුටු සිහිනය සැබෑවීමටය. කාදිනල්ගේ හිතේ තරහ තියෙන කට්ටියට දඩුවම් දීමටය. අවාසනාවකට ඒ ලැයිස්තුවේ සහරාන්ගේ කන්ඩායමේ කට්ටිය ඉන්නේ පහලම අඩියේය. උඩම ඉන්නේ මෛත්‍රීපාලය.
පාස්කු ප්‍රහාරයේ යුක්තිය පිලිබදව කතෝලික ජනතාවගෙන් කාදිනල්ට එල්ල වන පීඩනය හමුවේ කාදිනල්ගේ ඉවසීම කොටවී ඇති බව පෙනේ. කාදිනල්ගේ මෙම නොඉවසිල්ල, ඔහුගේ පල්ලියේම, ආණ්ඩු විරෝධි, NGO පෙරමුණ ලස්සනට පාවිච්චියට ගනිමින් සිටී. පාස්කු ප්‍රහාරය පූසෝ ඇදපු නූල් බෝලයක් වගේ කියලා පසුගිය කොලමෙන් ලියුවේ ඒකය.
මෛත්‍රීට එරෙහි කාදිනල් සටන දැන් ජාත්‍යන්තරයට ගොස් ඇත. ඉතාලියේන් පටන්ගත් උද්ඝෝෂණ රැල්ල කැනඩාවට ගොස් ඇත. ඒත් ඇත්තටම මේ උද්ඝෝෂණ රැල්ල හරහා බොරදියේ මාලු බාන්නේ SJB, UNP, JVP, FSP, 43 බලකාය බව නොරහසකි. ඒ අයට පාස්කු ප්‍රහාරයේ ඇත්ත යුක්තියක් ඕනා නැත. මොකද ඇත්ත යුක්තිය ආවොත් උන් ඕක්කම අමාරුවේය. ඒ කට්ටියට ඕනා කාදිනල්ගේ වෛරය පාවිච්චි කරලා ගෝඨාභයට ටොක්ක දෙන්නය. ඒ කට්ටිය අර මොකක්ද එක වැටෙනකන් එලුවාගේ පස්සේ යන බල්ලන් වැනිය.
පාස්කු ප්‍රහාරය ජාත්යන්තරකරනය කිරීමේ සටනේ අලුත්ම trend එක තමයි zoom දේශන. කාදිනල් තමයි ඒක ඔක්තෝබර් 23 දා හොදටම කලේ. කාදිනල්ගේ බළලා ඒකෙදි එලියට පැන්නේය. කාදිනල් open forum මෛත්‍රීගෙන් ගේම ඉල්ලුවේය. ගෙදර ප්‍රශ්න පිට ගෙනියන එක නරකයි කියන කාදිනල්ම පාප්තුමාට ගහපු පෙස්සම ගැනද කිවුවේය. පාප්තුමා එවපු ලියුම ගැනද කිවුවේය.
කාදිනල් පාප්තුමාට ලියපු ලියුම සම්පූර්ණ ගැලවිජ්ජාවකි. දැන් කාදිනල්ගේ responsibility එක ඉවරය. දේශීය කතෝලික ජනතාවගෙන් කාදිනල්ට එල්ල වන පීඩනය දැන් කාදිනල් පාප්තුමාගේ ඇගේ ගසා ඇත. දැන් පාස්කු ඉරිදා ප්‍රහාර බෝලය පාප්තුමා අතේය. දැන් අපිටත් යුක්තිය ඉල්ලා පාප්තුමාට බැන බැන ඉදිය හැකිය.
Zoom එකේ ජාත්‍යන්තරයට දුක කියන්න ගොස් කාදිනල් ඇනගත් තරම දයාසිරි දුන් ටොක් එකෙන් පැහැදිලි වෙයි. කාදිනල්ට නොදැනිම කාදිනල්ට තිබු සිංහල බෞද්ධ ප්‍රසාදය අඩුවෙමින් යනබව පෙනේ. කතෝලික ජනතාව සැනසීමේ ප්රයත්නය තුල කාදිනල් සිංහල බෞද්ධ ජනතාවගේ අප්‍රසාදයට ලක්වෙමින් සිටින බව මොනවට පෙනීයමින් තිබේ. මේවගේ කොලමක යන මරිමෝඩ අදහසක්, දෙකක් ගැන හරි අවදානය යොමු නොකර, සිරිල් පියතුමා වැනි බහුශ්රැතයින්ගේ ලණු කෑම හරහා වෙන damage එක කාදිනල්ට නොපෙනීම දුකකි.
හැබැයි කාදිනල්ගේ මේ පාස්කු දේශපාලනේ වාසිය දැන් හොයමින් ඉන්නේ SJB, UNP, JVP, FSP, 43 බලකාය නෙවේ. අපිට ටොක්ක දෙන්න බලන් ඉන්න බටහිර ජාතින්ය. උන් බලන් ඉන්නේ කොයි වෙලාවෙද මේකට එන්න දොර ඇරෙන්නේ කියලා. කාදිනල් පාප්තුමාට යතුර දුන්නේය.
කාදිනල්ගේ පල්ලියේම, ආණ්ඩු විරෝධි, බටහිර ගැති, NGO පෙරමුණු, පාස්කු ඉරිදා ප්‍රහාරයට විනිශ්චය ඉල්ලා ජිනීවා ගොස් උද්ඝෝෂණ කරපු එකේ දෙවන ඉනිම කාදිනල් ලස්සනට කලේය. ඉතින් මේ ඉල්ලන් කාපු කෑමේ පාපයේ සාපයත් කවදාහරි කාදිනල්ටත් එනවාමය. කාදිනල්ට අන්තිමේදි පාස්කු ඉරිදා ප්‍රහාරයට විනිශ්චය ඉල්ලන ප්‍රහාරයට ලක්වුනු 262ක ජනතාවත් නැතිය, පොදුවේ කතෝලික ජනතාවත් නැතිය, සිංහල බෞද්ධ ජනතාවත් නැතිය, දෙවියොත් නැතිය.
ඉතින් කාදිනල් තමයි හොදටම කලේ…! හා නැද්ද .. ?
Source: gammiris.lk