asd
Thursday, September 12, 2024

තුන්වන කොවිඩ් (කැ)රැල්ල ……!

කොවිඩ්, කොවිඩ්, කොවිඩ්, කොවිඩ්, කොවිඩ්….! පළවෙනි කොවිඩ් රැල්ල ආවා – ගියා. අර මත්තේගොඩ tour guide මහත්මයාව දැන් කාටවත් මතක නෑ. දෙවෙනි කොවිඩ් රැල්ලත් ආවා – ගියා. අර මිනුවන්ගොඩ ගාමන්ට් එකේ මහත්මියව දැන් කාටවත් මතක නෑ.

Tour guide cluster, Navy cluster, Kandakadu cluster, Minuwangoda cluster, අර මෙගා ටෙලියක් වගේ ඇදි ඇදී ගිය Peliyagoda Fish Market cluster ඔක්කොම ඉවරයි. දෙවන රැල්ල ආපු ගමන් virus එක ලංකාවට ආවේ කොහොමද අහපු, virus එක පාලනයෙන් මිදිලද කියලා අහපු, virus එක සමාජගතවෙලාද කියලා අහපු, වලලනවද පුච්චනවද කිය කිය පරසක්වල ගගපු ටොයියෝ දෙවන රැල්ල අඩුවේගෙන යනකොට අර ප්‍රශ්න වලට උත්තර ඇතිව හෝ නැතිව දෙවන රැල්ල වගේම අඩුවෙලා ගියා.

දෙවන රැල්ල ආපු ගමන්ම “lockdown”ම ඉල්ලලා, හොම්බෙන් ගිය ආර්ථිකේ ඝණ කරලා, රට අනාථ කරන්න බලාගෙන හිටපු, ලෙඩ්ඩු වැඩිවෙලා, ඉස්පිරිතාල පිරිලා, මරණ වැඩිවෙන බලාපොරොත්තුවෙන් හිටපු, දෙවන රැල්ල ඇන ගනී කියන ආසාවෙන් බලාගෙන හිටපු, රටට කෙලම වුනත් හොද්ද බොරනන් කමක්නෑ කියලා හිතපු, vaccine එක ගෙන්නන්න බෑ කියපු, පස්සේ එන්නේ කවදද කියලා අහපු, ආවට පස්සේ ගහන්නේ කවදද කියලා අහපු, ගහනකොට ඒකටත් අංජි ඇදපු බයියෝත් දෙවන රැල්ල අඩුවේගෙන යනකොට මීක් නැතිව හැංගිලා ගියා.

ඇයි එතකොට අර සහරාන්ගේ වයිෆ්ට කොරෝනා හද්දලා – මරලා පාස්කු ප්‍රහාරය යටගහන්න හදන්නේ කියපු, ශානිට කොරෝනා හැද්දුවා කියපු, Marara Prison එකේ හිරකාරයන් PCR ඉල්ලුවාහම වෙඩි තිබ්බා කියපු, පිටරට හිරවෙලා ඉන්න අපේ රට විරැවන් ගෙන්නන්නේ නෑ කියලා මරහඩ දීපු, ඒ අහිංසකයෝ එනකොට ඒකටත් පොලු දාපු, ගෙන්නනවා වැඩියි කියලා කියපු, රට ඉදන් තමයි virus එක ලංකාවට ආවේ කියලා රට විරැවන් පිටම වරද දාපු පොයියොත් දෙවන රැල්ලටම අහුවෙලා ගහගෙන ගියා.

දැන් තුන්වන රැල්ල ඇවිත්……! අර පරණ ටොයියොයි, බයියොයි, පොයියොයි ඔක්කොටම හරි චූන්……!

2020 ඔක්තෝබර් පටන් ගත්ත දෙවන රැල්ල යම් පාලනයකට ගන්න සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වලට මාස ගානක් ගියා. 2021 අප්‍රේල් මුල යාන්තං රැල්ල බැහැලා ගියා. අලුත් අවුරුද්ද එනකොටම නැවතත් රැල්ලක් එන්න පුලුවන් කියලා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කට කැඩෙනකන් කිවුවා මතකයි. වලක්වන ක්‍රමය කිවුවා මතකයි. Health guidelines දැම්මා මතකයි. මිනිස්සු (ඒ කියන්නේ මමත් ඇතුලුව) පිලිපදියි කියලා හිතන්න ඇති. හැබැයි අපේ ගොඩක් අය අර 900 – 800ට තිබුන positive cases ගාන 150ට විතර බැස්ස එකට ගිනිකන වැටිලා, අවුරුදු උත්සව තියලා, පාටි දාලා, ට්‍රිප් ගිහිල්ලා දැන් තක්බීර් වෙලා අහනවා hospital ඇදවල් කීයක් විතර ඇතිද, ICU beds ගාන කීයද, Oxygen ඇතිවෙන්න තියෙනවද, ලංකාවත් ඉන්දියාවේ තත්ත්වෙට යයිද කියලා. සුපිරි……!

අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා අපිට choice දෙකක් තිබුනා. First choice එක කොවිඩ් ගැන හිතලා, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කිවුව විදිහට ගෙදරට වෙලා simple විදිහට අවුරැදු කෑම. Second choice එක කොවිඩ් ගැන අමතක කරලා, අවුරුදු උත්සව තියලා, පාටි දාලා, ට්‍රිප් ගිහිල්ලා ජයට අවුරැදු කෑම. ගොඩක් අය තෝර ගත්තේ second choice එක. ඉතිං මාස හයක් වහ කාලා ගොඩ ගත්ත දෙවන රැල්ල දවස් දෙකෙන් ලංකාවටම බෙදලා ආයිත් තුන්වන රැල්ල ගැන හූල්ල හූල්ල ඉන්නවා.

එතකොට අර ටොයියොයි, බයියොයි, පොයියොයි ඔක්කොම දෙවන රැල්ල බැහැලා යනකම්ම ගතු කිය කිය ඉදලා, දෙවන රැල්ල බැහැලා ගියාම දුක් වෙලා, තුන්වන රැල්ලක් ආවොත් තමයි හොද්ද බොර කියලා හිත හිත ඉදලා, දැන් ආයිත් කලඑලි එහෙම බැහැලා කියනවා අපි මේක කිවුවලු, තුන්වන රැල්ලට අරයා වග කියන්න ඕනලු, මෙයා වග කියන්න ඕනලු, තුන්වන රැල්ලේ පැතිරීම වැඩියිලු, ඉස්පිරිතාල පිරිලලු, ඇදවල් නෑලු, ICU beds මදිලු, Oxygen හිගයිලු, මරණ වැඩියිලු. මුන්ට පිස්සු…..!

කොහොම හරි දැන් තුන්වන රැල්ල ඇවිත්. මේක control කර නොගත්තොත් ඇත්තටම ඉන්දියා වගේ වෙන්න බැරි නෑ තමයි. ඉතින් මේකෙන් බේරෙන එක අපේ වගකීම නෙවෙයිද ? Hospital ඇදවල් කීයද, ICU beds කීයද, Oxygen තියෙනවද කියලා හොයන්න ඉස්සෙල්ලා මේක හදා නොගෙන ඉන්න එක නෙමෙයිද වැදගත් ? අපි හැමෝම අනවශ්‍ය movement නවත්වන එක, අනිවාර්යෙන් masks දාන එක, නිතරම hand wash කරන එක, social distancing තියලා හැසිරෙන එක, හැමවෙලේම health guidelines follow කරන එක, පුලුවන් වෙලාවේ හුමාලේ අල්ලන එක, උනු වතුර බොන එක, කොත්තමල්ලි ටිකක් බොන එක නෙමෙයිද කරන්න ඕනා. මේවා ගැන නෙමෙයිද දැනුවත් වෙන්න ඕනා. මේවා ගැන නෙමෙයිද දැනුවත් කරන්න ඕනා. හැබැයි මේ expertලා, ඔස්තාර්ලා, එක එකාලා කියන හතර බීරී කථා අහලා අපිත් නිකන් තෝන්තු වෙලා ඉන්නේ.

එක දොස්තර කෙනෙක් එනවා එක මීඩියා එකකට, කටට එන එන ඒවා කියනවා. තව දොස්තර කෙනෙක් එනවා තව මීඩියා එකකට, එයත් කටට එන එකක් කියනවා. එක්කෙනෙක් “lockdown” කියනවා, තවත් එක්කෙනෙක් “lockout” කියනවා. පිලියන්දල දොස්තර නෝනානන් අඩුම ගානේ පිලියන්දල ගැන කථා කලා කියලා හිතමු. එත් අර කෑගල්ලේ දොස්තර මහත්තයාට තියෙන්නේ virus එක සමාජගතවෙලාද කියලා හොයන්නද, ලංකාවම lockdown කරන decision එක ගන්නද නැත්තන් කෑගල්ලේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩු ටික manage කරන්නද ? අපිට තේරෙන්නෑ.

ගොඩක් දොස්තරමහත්වරැ, නෝනලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ලා, අනිත් සේවකයෝ උදේ රෑ නැතිව, මැරීගෙන, hospital හොය හොය, ඇදවල් හොය හොය, ambulance – bus හොය හොය, positive කට්ටියත් එක්ක ගැටි ගැටි වැඩ. ඒගොල්ලොන්ට virus එක සමාජගතවෙලාද කියලා ප්‍රශ්නෙකුත් නෑ, lockdown කරාද කියලා ප්‍රශ්නෙකුත් නෑ, කිසිම complain එකකුත් නෑ, කවුරැත් ගිහින් ඒ අයට mic අල්ලන්නෙත් නෑ. අන්න නියම වැඩ්ඩෝ.

තව ඔය එක එක සංගම් (සමාගම්) කාරයන්ගේ ටෝක්ස් බලන්නකෝ. GMOA එකේ හරිත අලුත්ගේ මහත්තයා දෙවන රැල්ලත් එක්ක අතුරැදහන් වුනා. ඒ කාලේ හරිත අලුත්ගේ මහත්තයා ගෙදර ඉදන්ම media වලට කථා කර කර පරසක්වල ගගහා කියපු දේවල් අහල අපි කීරි ගැහිලා හිටියේ. තුන්වන රැල්ලට හරිත අලුත්ගේ මහත්තයා market නැ. දැන් ඉන්නේ නුවන් සොයිසා මහත්තයා. දැන්නන් GMOA එකේ sense ටිකක් වැඩකරනවා වගේ – ප්‍රායෝගික ටෝක්ස් දෙන බව තමයි පේන්නේ.

තව තියෙනවා රවී කුමුදේශ් මහත්තයාගේ රසායනාගාර විද්වත් සංගමය. පුදුම තරහක් තියෙන්නේ PCR පරීක්ෂණ එක්ක. ඔය ලැබ් වල PCR පරීක්ෂණ කරන්නේ කුමුදේශ් මහත්තයා දන්න, ඒ සංගම් වලට අයිති අය නෙවෙයිද ? ලැබ් වල PCR ගොඩ ගැහිලනන් අපිද ඒවා clear කරලා දෙන්න ඕනා. ඉතිං media වලට බයිලා ගහන අතරේ ඔය දන්න, දන්න, සංගමේට අයිති අයටත් පොඩ්ඩක් කියන්නකෝ round the clock වැඩ කරලා PCR ටික clear කරලා ගේම ගොඩ දාලා දෙන්න කියලා.

ඇයි අර සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමේ උපුල් රෝහණ මහත්තයා. Mic එක ඇල්ලුවොත් ඉවරයි. දැන් ඒ සංගමේ ලොක්කා හැටියට, PHIවරැ කට්ටකාගෙන, මැරීගෙන ගේම ගහන එකට උපුල් රෝහණ මහත්තයා කොච්චර සප් එකක් දෙන්න ඕනාද ? හැබැයි පොර ඒ වැඩේ කෙසේ වෙතත් media වලට කථා කර කර “බලධාරින්ට” නම් සුපිරියට බනිනවා. ඒකට කමක් නෑ කියමු. මේ ලගදි ඉදන් උපුල් රෝහණ මහත්තයා ශ්‍රි ලංකා මුහුදු තීරය ආරක්ෂා කරන එකටත් බැහැලා. ඇයි හත්ඉලවුවේ මෙයා Navy Commander ද ?

මේ හැමෝම ඇවිත් කාට කාට හරි බනිනවා. බලධාරින් අරක කරන්න ඕනා, බලධාරින් මේක කරන්න ඕනා කියනවා. හරි, දැන් ඕවා කරන එක කවුද කරන්නේ ? අපිද ? ඒ කියන්නේ මහ ජනතාවද ? බලධාරින් කියන්නේ අපිද ? මොන මගුලක් කියනවාද තේරෙන්නේ නෑ. ඔය කියන දේවල්, යෝජනා, චෝදනා ඒ අදාල බලධාරින්ටම කියන එකනේ තියෙන්නේ. Media වලට කථා කලා කියලා වැඩ වෙනවද ? පිස්සු….! තම තමන්ගේ රාජකාරිය හරියට කරලා, අනිත් අයටත් සප් එකක් දීලා, කොටේට කර ගහන්නනේ තියෙන්නේ.

ගෙදරට වෙලා ඉදලා ලෙඩේ හදානොගන්න එක අපේ වගකීම. ඒක හරි. ඒත් PCR කරන එක, PCR report දෙන එක අපි කරන්නයෑ. PCR delay delay කියලා කැගහන්න ඉස්සෙල්ලා, PCR delay හින්දා ලෙඩ්ඩු රට වටේ කැරකෙනවා, virus එක තවත් spread වෙනවා කියලා කැගහන්න ඉස්සෙල්ලා, PCR stock තියෙන ගාන, PCR අවශ්‍යතාවය, PCR කරන්න අවශ්‍ය area එකත් එක්ක lab capacity එක match කරලා බැලුවනන් ඉවරනේ. මේවා rocket science ද ? බැරිනන් ඕක ලමයෙකුට දෙන්නකෝ. Labවල කරන්න බැරි ගානට PCR කරන්න අපි කිවුවද ? සෞඛ්‍ය අමාත්‍යංශයේ කට්ටියට, MoHලාට, Epid කට්ටියට, PHIලාට, හැමෝටම ග්‍රෝත්‍රවාද නැතිව එකතුවෙලා ගේම ගහන්නෙන් තියෙන්නේ. බැරිනන් ඕකත් ලමයෙකුට දෙන්නකෝ…..!

ප්‍රශ්ණේ තියෙන්නේ අපිට මේක virus එකක් වුනාට කට්ටියකට මේක business එකක්, කට්ටියකට මේක politics.

PCR කට්ටල විකුණන අයට PCR කරන තරමට තමයි වාසි. ඒගොල්ලෝ ඉතින් PCRම කරපන් කියනවා. ලංකාවටම හරි කරවනවා. සමහර දොස්තර මහත්වරැ, expertලා, ඔස්තාර්ලා දැන හෝ නොදැන PCRම කරපන් කියනවා. මාධ්‍ය / සමාජ මාධ්‍ය හරහා මේ මතය සමාජගත කරනවා. බහු ජාතික සමාගම් ටිකට දැන හෝ නොදැන සප් එක දෙනවා.

එතකොට private hospital ටික. පිස්සුවෙන් වගේ PCR කරනවා. අපිට ආදරේට, නොමිලේද ? නෑ….! සල්ලි වලට. එකෙක් positive වුනාම මුලු companyයටම PCR කරනවා. දවස් 7කින් විතර ආයිත් මුලු companyයටම PCR කරනවා. එක PCR එකට රැ.6000/=ක් 7000/=ක් විතර ගන්නවා. Private hospital වලට government hospital වල තියෙන ඇදවල් ගාන අදාල නැ. Private hospital එකේදි positive වුනොත් කොහොමද ගිහින් දාන්නේ, කොහෙද ගිහින් දාන්නේ කියන එක අදාල නැ. හැබැයි positive කෙනා ඒගොල්ලන්ගේම ගෙවන වාට්ටුවකට දානවනන් ඒක අදාල වෙනවා.

තව කට්ටියක් බොරදියේ මාලු අල්ලනවා. සමහර politicco, ආචාර්යවරැ, මහාචාර්යවරැ, expertලා, ඔස්තාර්ලා, මාධ්‍ය / සමාජ මාධ්‍ය අල්ලගෙන තත්ත්වය අති භයානකයි කිය කිය හීනියට අපේ ඔලුව කචල් කරනවා. මොනවා කලත් වැරදියි. PCR කලත් වැරදියි, නොකලත් වැරදියි. Hospital beds හැදුවත් වැරදියි, නොහැදුවත් වැරදියි. Sinopharm නාවත් වැරදියි, ආවත් වැරදියි. Vaccine කලත් වැරදියි, නොකලත් වැරදියි. ඒ කට්ටිය බලන්නෙම සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ගහන ගේම undermine කරලා, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ demoralize කරලා, කොහොම හරි කකුල් වෙට්ටු දාලා වට්ටලා, wrong opinions දීලා, රටට ඇරලා, දේශපාලන ආතල් ගන්න. හා බොරැද ? ඔය ජෙප්පෝ කැට එකතු කරලා ගේම ගොඩදාන්න දුන්න ICU beds ගාන කීයද ? මේ ඔක්කොටම ඕනා ඉන්දියාව පෙන්නලා, positive cases ගාන, deaths ගාන ඩබල් කරලා, එක එක සමීක්ෂණ පෙන්නලා, භීතිය සමාජගත කරලා, අපිව තක්බීර් කරලා දේශපාලන කුහකකම් settle කර ගන්න.

මේ ලගදි එක පුරෝහිතයෙක් කිවුවේ ලංකාවේ ලක්ෂ 30ක් positive කියලා. ඌ ගැන්නද දන්නැ. ඒත් එක්කම මේ දවස්වල ඔය සමීක්ෂණයක් circulate කරන්නේ දවසට positive cases 10000 එනවා, දවසට deaths 250ක් එනවා කියලා. ඒ සමීක්ෂණේ කාගෙද ? University of Washington වල. කොහොමටත් ඇමරිකන් කාරයා අපි මේක ගොඩ දානවට, චීන vaccine ගහනවට කැමති නෑනේ. ඉතින් පොර අපිට බොරැවටවත් හොදක් කියන්නෑනේ.

අනිත් එක නිකන් බලාගෙන හිටියොත් දවසට positive cases 10000ක්, දවසට deaths 250ක් එයි තමයි. අපි කරන්න ඕනා ඒ තත්ත්වය නොගෙන්නන්න. ඒ තත්ත්වයට නොයන්න. ඒක නෙමෙයිද අපි මේක තේරැම් අරන්, නීතියට බයවෙනවට වඩා self-discipline වෙලා, පුලුවන් තරම් virus spread එක control කරන්න උදවු කරන්න ඹ්නා. අපේ health එක ආරක්ෂා කරන එක වෙන කවුරැවත් බලෙන් කරන්න ඕනාද ? මේ virus එ්ක independently travel කරන්නේ නෑ. අපි තමයි එ්ක transport කරන්නේ. අපි නැවැතුනොත් virus එක නවතිනවා. Virus එක එම තැනම මැරෙනවා. Spread එක නවතිනවා. රට automatically – systematically heal වෙනවා. අපිට ඕනා මේක නෙමේද ?

ඉතින් තුන්වන කොවිඩ් රැල්ල, කැරැල්ලක් කරනවද නැද්ද කියන එක අපේ අතේ තියෙනනේ. අපි අපේ යුතුකම ඉටුකරමු……!

Latest news

Related news