රංජිත් ප්‍රේමවර්ධන
කොච්චර ලිවුවත් කියවපු එකෙකුත් නැත. තේරුම් ගත්ත එකෙකුත් නැත. හැම එකෙකුටම ඕනා පාස්කු නූල් බෝලේ තව තව පැටලෙන්නය. ඒත් ඉතින් නොලියා බැරි නිසාම මේකත් ලියලාම දානවාය.
කාදිනල්ලා, සිරිල් ගාමිණීලා ඇතුළු පල්ලියට පාස්කු ප්‍රහාරයේ ඇත්ත දැන ගැනීමට ඕනෑම නැත. ඒ අයට ඕනා “පල්ලිය හිතන යුක්‍තිය” උසාවියේ අත කරකවා ලබා ගැනීමය. පල්ලිය හිතන යුක්‍තියේ පලමු චූදිතයා සහරාන් නොවේය. මෛත්‍රීපාලය.
සහරාන්ගේ අනුගාමිකයන්ට, නවුෆර්ලට නීතිය ක්‍රියාත්මක කිරීම, අන්තවාදය වැලක්විම, අන්තවාදයට යොමුවුණු අය පුනුරුත්ථාපනය කිරීම පල්ලිය හිතන විදියට වැඩක්ම නැති දේවල්ය. පල්ලිය ආසම පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණයක් තිබුනා කියලා අහන්නය. පල්ලියට ඕනෑම මෛත්‍රීපාලව කුරුසේ ඇණ ගසන්නය.
කුමන්ත්‍රණයක් ගැන ආවඩන කට්ටිය, මෛත්‍රීපාලව කුරුසේ ඇණගහමුයි කියන කට්ටිය පල්ලියට හොදය. අනික් ඔක්කොම පල්ලියට නරකය. ඒ ගැන පෙර ලියුම් කිහිපයේම ලිවුවේය.
සමන් විජේසුරියගේ “Solidarity Movement for Justice and Truth” එකද, ඒකෙ zoom meeting එකද, Stephen Mullerගේ “Global Forum for Justice for the Easter Sunday Victims” එකද, “Australia-Sri Lanka Forum for Justice for the Easter Sunday Victims” එකද, ඒවගේ zoom meetings ද, රාජන් හූල්ගේ “Sri Lanka’s Easter Tragedy: When the Deep State Gets Out of Its Depth” පොතද, හරීන්ගේ, මනූශගේ පාර්ලිමේන්තු කතාද, ශෙහාන් මාලකගේ, බයිසිකල් සංගමේ චිරන්තගේ, සිරිල් ගාමිණීගේ media නරිවාදම්ද, නාලක සිල්වාලාගේ, ශානි අබේසේකරලාගේ investigationsද පල්ලියට හොද ඒකය.
මේ සංගම්වලට, සංගම්වල අයට, පල්ලියේ ලයින් එක ගැන කතා කරන ඕන කෙනෙක්ට, කුමන්ත්‍රණ theoryය සමාජගතකරන ඕන එකෙක්ට අත තිබ්බානම් පල්ලිය ක්ෂණිකව මාරාවේශ වෙන්නේ ඒකය. නැද්ද ? බොරුනම් ශෙහාන් මාලක අත්අඩංගුවට ගත්ත වෙලාවයි කාදිනල් මීඩියා කොන්ෆරන්ස් එක තිබ්බ වෙලාවයි compare කරලා බලන්න.
1983 ඉදන් LTTE එක සිංහල, දෙමල, මුස්ලිම් හැම ජාතියකම අහිංසක මිනිස්සු කැපුවේය, මැරුවේය. එදා පල්ලියට මේතරම් රිදුනේ නැතිය. එදා LTTE එක ගම්වලට පැන අහිංසක සිංහල, මුස්ලිම් මිනිස්සු කැති ගැවේය. පල්ලියට මේතරම් රිදුනේ නැතිය. එදා LTTE එක බස්වල, කෝච්චිවල, තැන් තැන්වල බෝම්බ පත්තු කලේය. පල්ලියට මේතරම් රිදුනේ නැතිය. එදා LTTE එක පන්සලේ, පල්ලියේ ආගමික වතාවත් කර කර හිටිය devoteesලාව අමු අමුවේ මැරුවේය. පල්ලියට මේතරම් රිදුනේ නැතිය. එදා සමහර බිශොප්ලා, පියතුමන්ලා කිලිනොච්චියට ගිහින් ප්‍රභාකරන්ගේ අත ඉම්බේය. පල්ලිය මීක් නැතිව හිටියේය. LTTE එකට විරුද්ධව කතා කරලා පල්ලියට ඇනගන්න ඕනනෑ කියලා හිතෙන්න ඇතිය. අද කාටවත් ඒවා මතක නැතිය.
පාස්කු ප්‍රහාරයේන් මැරුණු කතෝලික ජනතාව වෙනුවෙන් කාදිනල්ගේ, පල්ලියේ මැදිහත්වීම තේරුම් ගත හැකිය. ඒක කාදිනල්ගේ, පල්ලියේ අනිවාර්යය responsibility එකය. ඒත් පාස්කු ප්‍රහාරයේන් මැරුණු කතෝලික ජනතාවට සාදාරණය කිරීමට කිය කියා, පල්ලි වලට බෝම්බ පත්තු කරපු සහරාන්ලා ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා, කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, පල්ලිය ඇතුළු කට්ටිය මිරිගුවක් වගෙ පේන කුමන්ත්‍රණයක් පස්සේ දුවන්නේ මොකද කියන එක අපිට තේරෙන්නෙම නැතිය. සහරාන්ලාට, අන්තවාදීන්ට විරුද්ධව කතා කරලා ආයිත් බෝම්බ කනවට වඩා මෛත්‍රීපාලලා, ජයවර්ධනලා පස්සේ පන්නන එක safeය කියලා හිතෙනවාදැය sure නැතිය.
කුමන්ත්‍රණ ගැන, සහරාන්ට සල්ලි දුන්න ඒවා ගැන, සාරා ගැන, සොනික් සොනික් ගැන, බුද්ධි අංශ ගැන පාර්ලිමේන්තුවේ මරු කියවපු හරීන්ලා, මනූශලා පහුගිය දවසක “රතු ඉර” programme එකේදි රෙදි ගලවගෙන පටිරෝල් කරගෙන ගියෝය. ඒකෙදි හරීන්ලා, මනූශලා පරාදවුනා කියනවාට වඩා ඇත්ත එලිවුනේය කිවුවොත් හරිය. කුමන්ත්‍රණය පුස්සක් බව පැහැදිලි වුනේය. හැබැයි කාදිනල්ලා, සිරිල් ගාමිණීලා, පල්ලිය එහෙම ලේසියෙන් down යන්නේ නැත. මොකද, කුමන්ත්‍රණ theoryය අතඇරියොත් ඒ අයට ඉදිරි ගමනක් නැත.
දැන් පල්ලියේ ලොකුම සාක්ෂිය දප්පුල ලිවේරා දුන්න “Grand Conspiracy” ටෝක්ස් එකය. වෙන කවුරු කිවුවටත් වඩා නීතිය ගැන හොදටම දන්න දප්පුල ලිවේරා මේ වගේ කතාවක් කිවුවම ෆුල් අන්දෝස්ය. හැබැයි ඉතින් පුදුමේ කාදිනල්ලාවත්, සිරිල් ගාමිණීලාවත්, පල්ලියවත්, ලංකාවේ ඉන්න “investigative journalists”ලා කියන කවුරුවත්, bloggersලා, vloggersලාවත් දප්පුල ලිවේරා ඇයි එහෙම කිවුවෙ කියලා ඇහුවේ නැත. දප්පුල ලිවේරා පස්සේ, එයාගේ ගෙදර අස්සේ කැමරා, මයික් උස්සගෙන ගියේද නැතිය. මොකද දප්පුල ලිවේරා වැරදිලාවත් U Turn එකක් ගහලා “Grand Conspiracy”යක් නෑ කිවුවොත් ආයිත් කුමන්ත්‍රණ theoryයට ඉදිරි ගමනක් නැතිය.
2022.02.15 දින කාදිනල්ගේ මීඩියා කොන්ෆරන්ස් එක බලලා මල්ලෙන් එලියට පැනීමකි. ඒකේදී කාදිනල් ලංකාවේ නීතිය ගැන පල්ලියේ තියෙන අවිශ්වාසය ගැන, පල්ලියේ සටන ජාත්‍යන්තරයට ගෙනයාම ගැන හා ඊලග පාර රජයට ජනතාව දක්වන්න ඕන ප්‍රතිචාරය ගැන ලස්සනට පැහැදිලි කලේය. කාදිනල් කිවුව කතාවේ underlaying politics කතාව තේරුම් නොගන්න ජනතාව බබ්බු නොවේය. කාදිනල් නීතිපතිවරයාටද ටොක්ක ඇන උපදෙස් දුන්නේය. කාදිනල් පාප් වහන්සේ සමග ඉදිරියේදි කිරීමට යන දේ ගැනද “වහෙන්ඕරෝ” කිවුවේය.
කාදිනල් “වහෙන්ඕරෝ” කිවුවත් මේ වෙනකොට රෝමේ, ඉතාලියේ ඉන්න ලංකාවේ ඔක්කොම කාදිනල් ඇතුළු පල්ලියේ කටිටියක් ලගදිම යුරෝපෙට එන බව දන්නවාය. කාදිනල්ගේ, සිරිල් ගාමිණීගේ, පල්ලියේ line එකේ ඉන්න ලංකාවේ කට්ටිය මේ වෙනකොටත් ඒකට වැඩ අල්ලලාය. ගේමට බැහැලා ඉන්න කට්ටියගෙ දේශපාලන line එක බැලුවාම ඒ අය මොකාටද එන්නේ කියලා තේරෙනවාය. කාදිනල් යුරෝපෙට එන්නේ සහරාන්ගේ අනුගාමිකයන්ට, නවුෆර්ලට නීතිය ක්‍රියාත්මක කිරීමට, අන්තවාදය වැලක්විමට, අන්තවාදයට යොමුවුණු අය පුනුරුත්ථාපනය කිරීමට පාප් වහන්සේගේන් උදවු ගන්න නොවේය. ඒවා ජාත්‍යන්තරයට කියන්න කාදිනල් බයය.
කාදිනල් මේ එන්නේ පාප් වහන්සේට කේල්ම් කියන්නය. පාප් වහන්සේටත් පාස්කු ප්‍රහාරයේ “කුමන්ත්‍රණ විස” කවන්නය. පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණ theoryය internationalize කරන්නය. ලංකාවේ නීතිය වල් වැදිලාය, පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියා UN එකෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන්නය. හරියටම ජිනීවා කොමිසම කටඋඩ තියලා කාදිනල් යුරෝපෙට යන්නේ ඒකටය.
2009 දී LTTE එක යුද්ධය පැරදුනාම මාරාවේශවුන දෙමල ඩයස්පෝරාව එදා ඉදන් අද වෙනකං කියන්නේත් ලංකාවේ නීතිය වල් වැදිලාය, දෙමල ජන සංහාරයක් වුනාය, ඒක නිසා UN එකෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න කියලාය. LTTEය මිනීමරණ කාලේ ප්‍රභාකරන්ගේ අත ඉම්බ කට්ටියත් අද කියන්නේ ලංකාවේ නීතිය වල් වැදිලාය, පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්ය, UN එකෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න කියලාය. මේ දෙකේ ලොකු වෙනසක් නැත. පල්ලිය මෙහෙම නොකලේනම් පුදුමයකි. මොකද අන්තිමේදී පල්ලියටත් ඕන ලංකාවේ නීතිය වල් වැදිලාය, ලංකාවට බැරිය, UN එක ඕනෑය කියන බටහිර න්‍යාය පත්‍රයට වංගු පාරෙන් උදවු කරන්නය.
ඉතින් ඒකට කාදිනල්ට තියෙන හොදම තුරුම්පුව මෛත්‍රීපාලය. කාදිනල් vs මෛත්‍රීපාල සටන ජිනීවා යන්නේ එහෙමය. අන්තිමේදී කාදිනල් මෛත්‍රීපාලට ටොකු ඇනීමට පාප් වහන්සේට කේලම් කීමට ගොස් කෙලවන්නේ ලංකාවට. මේක නොතේරෙන්න කාදිනල් බබෙක් නොවේය.
අන්තිමේදී කියන්නේ තියෙන්නේ කාදිනල් ඉතාලියේ, රෝමයේ රවුම් ගසා එනවිට කාදිනල් වටේ ඉන්න කතෝලික ජනතාවගෙන් බාගයක්ම නැතිය, බෞද්ධ ජනතාව කොහොමත් නැතිය, නිකන් හරි කාදිනල්ට තිබුන මහජන ගෞරවයද ground zeroය. පවු..!