“කතෝලික පල්ලියේ දශක ගණනාවක් තිස්සේ සිදු වූ ළමා අපචාර පිළිබඳව වතිකානුව විමර්ශනය කර නඩු පවරමින් සිටී. අපේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කිසිම පූජකවරයෙක් මෙවැනි අමානුෂික සහ නිර්දය ක්‍රියාවකට සම්බන්ධ නොවී ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. කෙසේ වෙතත්, එවැනි ආදර්ශමත් ගෝලීය සන්දර්භයක් තුළ, සිරිල් ගාමිණී පියතුමා ඇතුලු කණ්ඩායමේ සාමාජිකයන්ට තම වගකීම් ඉටුකළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතැයි සිතමු.”
ඇතැම් වගකිවයුතු පුද්ගලයන් 2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අසත්‍ය කතා සහ හුදු උපකල්පන ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවති. රැවටිලිකාර අර්ථකථන වේදිකාගත කරන මෙම පිළිකුල් සහගත නාටකය තවදුරටත් දිගහැරෙමින් පවතී. මේ නිසා සමාන්‍යය ජනතාවට මෙම සංහාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමටත්, නැවත සිදු නොවීමේ ක්‍රියාශීලී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමටත් තිබූ අවස්ථාව අහිමි වී ඇත. ඒ වෙනුවට විවිධ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඇතැම් පිරිස් ජනතාව රවටමින් සිටින බව දැකිය හැක. මෙම සිද්ධියේ සත්‍යය වසන් කිරීම සඳහා විවිධ සමාජ මාධ්‍යය සහ වෙනත් ජනමාධ්‍යය මෙවලම් අවභාවිතා කරන ආකාරය ඉතාමත් කනගාටුදායකය.
පාස්කු ප්‍රහාරය ගැන කතා කරන ඇතැම් කතෝලික පූජකවරුන් සහ ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන් බිය ගැන්වීමට හා අවමානයට ලක් කිරීමට ක්‍රියාකරන බවට ඇතැමුන් රජයට චෝදනා කරති. එහෙත්, කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව ඕපාදූප පදනම් කරගනිමින් විවිධ වෘත්තිකයන්ට දොස් පැවරීමෙන් ඇතිවන අගතිය පිළිබඳව මේ වීරයන් කිසිවකුට හැඟීමක් නැත. මෙබඳු වෛරී චෝදනා නිසා පීඩාවට පත්වන නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වලට සිදුවන අගතිය පිළිබඳව ඔවුනට කිසිඳු තැකීමක් තිබේද? මෙය යුක්තිය සඳහා වූ මාර්ගයක්ද?
මෙබඳු ආකාරයේ අභූත චෝදනා නැගීමේ ආසන්නතම සිදුවීම වන්නේ සිරිල් ගාමිණී පියතුමා විසින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙත එල්ල කරන ලද ද්වේශසහගත චෝදනායි. සිරිල් ගාමිණී පියතුමා විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විවිධ කරුණු පිළිබඳ බුද්ධි අංශ ප්‍රධානියා වෙත චෝදනා කර ඇත. ඔහුට අනුව, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල නායකයා සහ පාස්කු ප්‍රහාරය සිදු කළ ඔහුගේ සහචරයන් සමඟ බුද්ධි අංශ ප්‍රධානියා ගනුදෙනු කළ බවට ඔප්පු කළ හැකි සාක්ෂි තමන් (සිරිල් ගාමිණී පියතුමා ) සතුව ඇත. එසේ නම්, ඔහු සතු එම සාක්ෂි නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතුය. අප දන්නා පරිදි සාක්ෂිම වසන් කිරීම නීතියට පටහැනිය.
අනෙක් අතට, අගතියට පත් පාර්ශවය ඔහුගේ නිර්දෝෂීභාවය පිළිබඳ විශ්වාස කරන්නේ නම් සිරිල් ගාමිණී පියතුමන්ගේ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් යුක්තිය ඉල්ලා සිටිය හැකිය. ඕනෑම ආකාරයක නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි සාක්ෂිි තමා සතුව ඇති බව කිසිවකු ලොවට ප්‍රකාශ කරන්නේ නම්, එම සාක්ෂිි ඉදිරිපත් කිරීම සෑම පුද්ගලයෙකුගේම වගකීමයි. එබැවින් මෙම මූලික වගකීම සිරිල් ගාමිණී පියතුමා ඉටු කළ යුතුය. නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශ්වීය මූලධර්ම අනුව ක්‍රියා කරමින් තම පාරිශුද්ධභාවය ඔප්පු කිරීමට දැන් ඔහුට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබේ.
කතෝලික පල්ලියේ දශක ගණනාවක් තිස්සේ සිදු වූ ළමා අපචාර පිළිබඳව වතිකානුව විමර්ශනය කර නඩු පවරමින් සිටී. අපේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කිසිම පූජකයෙක් එවැනි අමානුෂික සහ නිර්දය ක්‍රියාවකට සම්බන්ධ නොවී ඇතැයි අපි ප්‍රර්ථනා කරමු. කෙසේ වෙතත්, එවැනි ආදර්ශමත් ගෝලීය සන්දර්භයක් තුළ, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කණ්ඩායමේ සාමාජිකයින්ට තම වගකීම් ඉටු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතැයි විශ්වාස කරමු. කතෝලික සභාව යනු ව්‍යාජ ප්‍රවෘත්ති සහ පූර්ව විනිශ්චයන් ප්‍රචාරය කරමින් සාමාන්‍යය ජනතාව නොමඟ යැවීමට කූට උපක්‍රම යොදන ඕපාදූපකාරයන්ගේ සහ බොරුකාරයන්ගේ තිප්පොලක් නොවන බවද අපි විශ්වාස කරමු.
ඔවුන් තම යුතුකම නිවැරදිව ඉටු කරමින් සැමට යුක්තිය ඉටු කිරීමට කටයුතු කරන බව ලෝකය ඉදිරියේ ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු මොහොත පැමිණ තිබේ. මෙම විශ්වීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ පළමු පියවර වන්නේ ඔවුන් සතුව ඇති විශ්වාසදායක සාක්ෂි ඉදිරිපත් කිරීමයි. ඔබ දන්නා දේ ලෝකයට දන්වන්න! ව්‍යාජ ප්‍රකාශ කරන්නන් විසින් ප්‍රචාරය කරන සියලුම ඕපාදූප සහ කුමන්ත්‍රණ න්‍යායන් පසෙකින් තබමු. සත්‍යය සෙවීම වෙනුවෙන් නැගී සිටිමු. නිසැකවම, ඔබේ අතීතය හෝ වර්තමානය ගැන කරදර වීමට කිසිවක් නැත. ඔස්කාර් වයිල්ඩ් අපට පැවසු පරිදි, සෑම සාන්තුවරයෙකුටම අතීතයක් ඇත; එසේම සෑම පව්කාරයෙකුත් අනාගතයක් තිබේ. සිරිල් ගාමිණී පියතුමණි මේ ඔබගේ වාරයයි!
( ශ්‍රී ලංකා ගාර්ඩියන් 2021 ඔක්තෝම්බර් 27 වනදින පලකළ කතුවැකියේ සිංහල පරිවර්තනය )